රටම කම්පා කරමින් පත්තෑයෙකුට බිළිවූ අහිංසක මල් කැකුළ අවසන් ගමන් යයි.(VIDEO)
පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතව මාස දෙකක් වයසැති බිළිඳෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වූයේ මුන්දලම ප්‍රදේශයෙන්.
බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුකෙරුණා.
අවසානාවන්ත ලෙස මෙලෙස මියගොස් ඇත්තේ මුන්දලම - දේවල හන්දියේ පදිංචිව සිටි සිතුම් දිලුම් සචිත්‍ර නමැති මාස 2යි දින 20ක් වයසැති බිළිඳෙක්. බිළිඳා මරණයට පත්වන අවස්ථාවේ සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමඟ එකම ඇඳක නිදාසිට තිබෙනවා.
අලුයම අවදි වූ මව බිළිඳාගේ නිහඬතාවය පිළිබඳ විමසිලිමත් වීමේදී බිළිඳාගේ සිරුර අධික ලෙස සීතල වී තිබී ඇති අතර, සීරීම්ද දක්නට ලැබී තිබෙනවා.
මව්පියන් විසින් බිළිඳා කඩිනමින් රෝහල කරා රැගෙන යාමට කටයුතු කර ඇත්තේ ඒ අනුවයි.
බිළිඳාගේ සීයා පැමිණ නිදාසිටි ඇඳ පරීක්ෂා කර ඇති අතර, එහිදී පත්තෑයෙකු සිටිනු දැක තිබෙනවා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකරන ලද අතරල එහිදී තීරණය කර ඇත්තේ පත්තෑයෙකු සපාකෑම හේතුවෙන් විෂ ශරීරගතව මෙම මරණය සිදුව ඇති බවටයි.
දරුවන්ට ජීවත්වීමට ආරක්ෂිත පරිසරයක් තිබේදැයි නිරන්තරයෙන් සොයා බැලීම වැඩිහිටියන් සතු වගකීමක්.
ඔවුන් එලෙස දරුවන් ගැන සැලකිලිමත් වන්නේනම් මෙවැනි කණගාටුදායක පුවත් තවදුරටත් අපට අසන්නට නොලැබේවි.