දෙමාපියනි දරුවන් පිළිබද වැඩි අවදානයෙන් සිටින්න..මරුවා ඔබ නොසිතූ ලෙස පැමිණිය හැකි..
Sri Lanka Police
Sri Lanka
Death
By Piyumika
කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 09 ක් වයසැති කල්ලිකුලම, මාමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.
මෙම දරුවා ඊයේ උදෑසන වතුර ගැනීමට යාමේදී බාල්දිය ළිඳට වැටීම හේතුවෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ළිඳට වැටී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
