සෙල්ලම් කළ බැලුම මාරයා වුණු හැටි
By Zara
අද (20) දින ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් බැලුම් බෝලයක් උගුරෙහි සිරවී ළමයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.
පොලිසිය සදහන් කළේ මියගිය දරුවා 11 හැවිරිදි පිරිමි දරුවෙකු ලෙසයි.
සිය දෙමාපියන් ද නිවසෙහි සිටින අවස්ථාවේදී දරුවා බැලුම් බෝලය පිම්බීමට උත්සහ කර ඇති අතර, එහි කොටසක් කැඩී ළමයාගේ උගුරෙහි සිරවී තිබෙනවා.
පසුව දරුවා නෙලුව – මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සදහන් වන්නේ.