මෙරටට ගෙනා නිර්වින්දන ඖෂධයෙන් සිදුවන මරණ ගණන තවත් ඉහළට – දෙහැවිරිදි දරුවකෙුත් ජීවිතක්ෂයට.

Sri Lanka Hospitals in Sri Lanka Death
By Wayomi Jun 20, 2023 11:44 AM GMT
Wayomi

Wayomi

Report

පේරාදෙණිය ළමා රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර දී නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් වයස අවුරුදු දෙකහමාරක් මියගොස් තිබෙනවා.

අදාළ දරුවාගේ පියා ප්‍රකාශ කළේ, රෝහලේ වෛද්‍යවරු විසින් ඒ බව තහවුරු කළ බවයි.

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම දරුවා පසුගිය මස 23 වැනිදා පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවයි.

මීට පෙර ද නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් ඖෂධක් හේතුවෙන් අවස්ථා දෙකක දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගියේ දරු ප්‍රසූතියක් සඳහා එම රෝහලට ඇතුළත් වූ කාන්තාවක් සහ තවත් කාන්තාවක්.

ඒ, අනුව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, මෙවන් පසුබිමක රෝහල්වලට නිකුත් කරන ඖෂධ නිසි පරිදි නියාමනය කළ යුතු බවයි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙලෙස ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

එම අධිකාරිය පවසන ආකාරයට මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසුව රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තාවීමෙන් පසුව මෙම පියවර ගත් බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මෙම ‘බුපිවකේන්’ නමැති ඖෂධය දීමෙන් පසුව කාන්තාවන් දෙදෙනකු මියගිය බවට පසුගියදා වාර්තා විය