විදුලි බල මණ්ඩලයට චෝදනාවක්.

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Hashini Sep 30, 2023 05:50 AM GMT
Hashini

Hashini

Report

විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය යලි විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම මඟින් පෙනී යන්නේ විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බව පවසනවා.

හිතුමනාපයට විදුලිය ගාස්තු වැඩි කිරීම මඟින් ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත් වන බවයි එහි සභාපති එම්.ඩී. ආර්.අතුල සඳහන් කළේ,

දැඩි ලෙස වර්ෂාව ඇදහැලෙන බැවින් ජල විදුලිය වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි නිසා එහි සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජල විදුලිය හා ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදනය කරන විදුලිය නිවැරැදි ව කළමනාකරණය කරගත යුතු බවයි.

එලෙස කළමනාකරණය නොකරමින් විදුලි බිල වැඩි කරමින් සිදු කරන මෙම ක්‍රියාව ඉතා විහිළු සහගත බව ද ඔහු පැවසුවා. 

ReeCha