වසර 29 කට පසු ටෙස්ට් පිටියේ වෙනසක්

Report

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ දී පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින් අද (19) ආරම්භ කරනු ලැබුවා.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිමක් ආරම්භ කර ඇත්තේ වසර 29කට පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට මෙවන්නක් සිදුව ඇත්තේ 1995 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීය.

එය බොක්සිං දින ටෙස්ට් තරගයක් වූ අතර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ, රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින්ය.

ශ්‍රී ලංකා ඉනිම එතැන් සිට මේ දක්වා තරග 260ක් ගතවන තෙක් ආරම්භ කර ඇත්තේ දකුණත් හා වමත් පිතිකරු දෙපළක්ය. 

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්