මහවැලි ගඟේ මෝටර් රථයක් යයි...අයෙක් අතුරුදන්..2ක් මුදා ගැනේ.

Accident Car accident
By Aruna Nov 28, 2021 03:09 AM GMT
Report

මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මුදාගෙන ඇති බවය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථය සහ තවත් පුද්ගලයෙකු අතුරුදන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now