මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

By Hashini Jun 27, 2025 01:45 AM GMT
Report

මහව - දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම මළසිරුර සොයාගත් බවය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවයි.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

හැමෝම පුදුම කරමින් හනා කරපු දේ

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

“සමලිංගික විවාහය අපරාධ නොවන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා" - වොල්කර් ටර්ක්

“සමලිංගික විවාහය අපරාධ නොවන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා" - වොල්කර් ටර්ක්