15 හැවිරිදි අයියා 11 හැවිරිදි නංගිට සිදු කල අහස පොළව නුහුලන අපරාධය..

crime Avissawella Daraniyagala Dhel Oluwa
By Sewvandhi Jan 05, 2022 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයේදී තම නැගණියව අතරවයට ලක්කළ සහෝදරයෙකු මෙම මස 24 වනදා දක්වා පියා භාරයට පත්කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 02 වනදා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය දී ඇත. දරුවාගේ මව මියගොස් ඇති අතර පියා කුලීවැඩ කරමින් ජීවත්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම වසරේ ජනවාරි මස 02වන දින නිවසේ පියා නොමැති අවස්ථාවක නිවසේ දී වයස අවුරුදු 15ක් පමණ වන සහෝදරයා විසින් අවුරුදු 11ක් වූ සහෝදරිය අතවරයට ලක්කර ඇති බවට වාර්තා වෙනවා.

පසුව දැරියාගේ රුධිර පැල්ලමක් දැක අසල්වාසී ඥාති සහෝදරියක් විසින් දැරිය අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහිදී දැරිය අතවරයට ලක්ව ඇතිබව හෙළී වී ඇති අතර දැරිය එහිදී සිය සහෝරයා විසින් දූෂණයට ලක්කර ඇති බවට පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now