ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පිපිරීමක් - පොලීසිය අනාවරණය කළ දේ...(PHOTOS)
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාර්‍යාල කාමරයේ වැසිකිළිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ.
පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයා ද නිල කාර්යාලය කාමරය තුළ සිට ඇති අතර, මෙම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැහැ.
පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාර්යාලය කාමරයට අයත් වැසිකිළියට තරමක හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. තවද එලෙස පුපුරාගොස් ඇත්තේ "අලි වෙඩිල්ලක් බව පොලීස් මූලික පරීක්ෂණ වලින් අණාවනය වී ඇති බවද වාර්තා වනවා.
කිසිවකු හෝ කාර්‍යාල සේවකයින් සදහා වෙන්වූ වැසිකිළිය ඇතුලු වී යාබද පිහිටි ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිල කාර්යාලය තුල ඇති වැසිකිලියේ සිවිලිම මතට අලි වෙඩිල්ල දලවා දමා ඇති අතර , පසුව අලි වෙඩිල්ල පුපුරා විශාල සබ්ධයක් ඇතිව සිලිවිමේ කොටසක් නිල කාර්යාලය කාමරයේ තුලට කඩා වැටී තිබෙනවා.
එම අවස්තාවේ දී ඇති වූ විශාල සබ්ධය නිසාවෙන් කාර්යාලය සේවකයි ද නොසන්සුන් තාවයකටද පත්ව තිබෙනවා.
එමෙන්ම කැකිරාව ප්‍රාදේශීය ලේකම් දමිත් කනකරත්න මහතා මේ සම්බන්ධයෙන් කැකිරාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.






