ජීවිත අවදානම නොතකා වන අලියෙකු සමග විහිලු කිරීමට ගිය යතුරුපැදිකරු (VIDEO)
By Sewvandhi
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ තම ජීවිතය අවදානමේ හෙළමින් හැසිරුණු යතුරුපැදිකරුවකු දක්නට ලැබුණි. එම පුද්ගලයා මාර්ගයේ සිටි වනඅලියෙකු ආසන්නයට ගොස් නැවතී අලියා කුලප්පු කිරීමට උත්සහ දරමින් සිටින අයුරු කැමරාවේ සටහන් වුණ.
වනඅලියා අතගෑමට එම පුද්ගලයා උත්සහ දැරූ අතර එම අවස්ථාවේ දී වනඅලියාගේ හැසිරීම වෙනස් වෙන ආකාරය ද එම දර්ශනවල සටහන්ව තිබේ. කෙ
සේවෙතත් පසුව එම පුද්ගලයා යතුරුපැදිය හරවා ගෙන අලියා මඟ හැර ගමන් කරන අයුරු ද දක්නට ලැබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |