තම දරුවාව රු. 40,000කට විකුණා 15,000කට ෆෝන් එකක් ගත් මව

Report

වයස අවුරුදු 2ක දැරියක් රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් බව කියන මවක් සහ ඇයගේ අනියම් පුරුෂයෙකු ඇතුළු තිදෙනෙකු ධර්මපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියේදී දැරිය මිලදී ගත් බව කියන කාන්තාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, මෙම සිද්ධිය හෙළිවී ඇත්තේ ධර්මපුරම් ග්‍රාම නිලධාරී විසින් කළ පැමිණිල්ලකට අනුවය. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ලිංගික චෝදනා රැසක්.. ලොවක් වසඟ කළ 'පොප් රජුගේ' අඳුරු පැත්ත යළි කරළියට

ලිංගික චෝදනා රැසක්.. ලොවක් වසඟ කළ 'පොප් රජුගේ' අඳුරු පැත්ත යළි කරළියට

පොලිසිය පවසන්නේ, දැරියගේ මව සහ ඇයගේ අනියම් පුරුෂයා විසින් දැරිය කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවයි. පසුව එම මුදලින් රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකථනයක් මිලදීගෙන ඇති බවද අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ, දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන බැවින් සහ තවත් වැඩිමහල් දියණියකටද එම රෝගය තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වූ බවයි. එහෙත් ජංගම දුරකථනය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලි පිළිතුරක් ලබා දී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර මව හා ඇයගේ අනියම් පුරුෂයා වයස 27 හා 31 වන අතර, දැරිය මිලදී ගත් බව කියන කාන්තාව 37 හැවිරිදි කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවද වාර්තා වේ. සැකකරුවන් තිදෙනා කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට