කැරට් කෑල්ලේන් ඩැහැගත් සිඟිත්තා. - (PHOTO)

Sri Lanka Police Death
By Wayomi May 12, 2024 12:10 PM GMT
Wayomi

Wayomi

Report

සාලියවැව යාය 07 ප්‍රදේශයේ මාස 19ක බිළිදකු මියගොස් තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මෙම දරුවා මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති අවුරුද්දයි මාස හතක බිළි‍‍‍දෙක්.

11 දින සවස සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මව්පියන් දරුවාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් තිබුනා.

එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පියවර ගෙන ඇති අතර රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.  

..................................................

May you Like


ReeCha