මොකක්ද මේ කතකගේ ගර්භාෂයේ බරටම තිබ්බ කිලෝ 15 - කාන්තා ඔබටත් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Hambantota Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 03, 2024 02:55 PM GMT
krishani

krishani

Report

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් පහළොවක පමණ බරකින් යුතු ගෙඩියක් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කර තිබෙනවා.

මොකක්ද මේ කතකගේ ගර්භාෂයේ බරටම තිබ්බ කිලෝ 15 - කාන්තා ඔබටත් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | A 15 Kg Tumor In A Uterus

ඒ අද (03) හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ය.

මෙලෙස සැත්කමට භාජනය වූයේ වීරකැටියේ පදිංචි 38 හැවිරිදි එක් දරු මවක් ය.

වසර ගණනාවක සිට මෙම කාන්තාව උදරයේ ආබාධයකින් පෙළී ඇති අතර එය ගැස්ට්‍රයිටිස් යැයි සැක කර විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන ඇත.

එහෙත් ඇයගේ උදරය උසුලාගත නොහැකි තරමට ඉදිමීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණ තිබිණ.

ඒ අනුව ඇගේ රෝගී තත්ත්වය ගැස්ට්‍රයිටිස් නොවන බවත් එය ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක් බව වෛද්‍යවරයා හඳුනාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම පැවසූයේ ගර්භාෂයේ පේෂින් ඉදිමී ගැට ගැසීම හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ඇතිවන බව ය.

ඔයත් සුදු වෙලා ලස්සන වෙන්න මෙන්න මේ ක්‍රීම් ගෑව ද?. එහෙනම් වෙන දෙය ගැන හිතා ගන්නවත් බැරි වෙයි..

ඔයත් සුදු වෙලා ලස්සන වෙන්න මෙන්න මේ ක්‍රීම් ගෑව ද?. එහෙනම් වෙන දෙය ගැන හිතා ගන්නවත් බැරි වෙයි..


රෝගී කාන්තාව තවත් දින කිහිපයක් ප්‍රතිකාර නොගෙන සිටියේ නම් ඇය මිය යන්නට පවා ඉඩ තිබූ බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම කාන්තාවන්ට දන්වා සිටින්නේ දිගින් දිගටම උදරයේ වේදනාවකින් පෙළෙන්නේ නම් වහාම විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගන්නා ලෙස ය.