හෙට කොළඹට පැය 15ක ජල කප්පාදුවක්.

Colombo Sri Lanka Water Cut Water Board Water
By Hashini Oct 06, 2023 05:20 AM GMT
Hashini

Hashini

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (07) පැය 15ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.

හෙට (07) පස්වරු පහේ සිට අනිද්දා (08) පෙරවරු 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

කොළඹ 11,12,13 යන ප්‍රදේශවලට සහ කොළඹ 14,15 යන ප්‍රදේශ වලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙන්නේ අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙසයි. 

ReeCha