පැය 15ක ජල කප්පාදුවක්.

Colombo Sri Lanka Water Cut Water Board
By Hashini Oct 19, 2023 10:55 AM GMT
Hashini

Hashini

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි. 

එම වැඩි දියුණු කිරීමේ කටයුතු අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබනවා.

මෙම ජල කප්පාදුව 21වන සෙනසුරාදා දින පස්වරු 5.00 සිට 22 වන ඉරිදා පෙරවරු 8.00 පැය 15ක කාලයක් අත් හිටුවනු ලබනවා.

ජල කප්පාදුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශ සඳහා ක්‍රියාත්මක වනවා.

අවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාවය පිලිබඳ සිය කනගාටුව ද පළ කරනු ලබනවා.


ReeCha