14 හැවිරිදි දැරියක් මුදලට විකිණූ ගේමක් මාට්ටු වෙයි..පුද්ගලයින් රැසකට අලෙවි කරයි.

Police Sri Lanka Gossips Teen girl sell
By Aruna Dec 22, 2021 07:55 AM GMT
Aruna

Aruna

Report

දීර්ඝ කාලයක සිට 14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි .

මේ වන විට 14 හැවිරිදි දැරිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. බාලවයස්කාර දැරියක ගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලීස් විමර්ශනවලදී හෙළිවී ඇත .

ඒ අයුරින් දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන් හට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි.

සැකකාරිිය මේ අයුරින් දැරියව දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය .

සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි දැරිය ලබා දී තිබෙන ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 38 හැවිරිදි අයකු වේ.

සැකකරු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ,කොළඹ මධ්‍යම ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සහකාර පොලිස් අධිකාරී සෙනරත් මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now