පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් කරපු අපරාධයක්.

Sri Lanka
By Wayomi Mar 03, 2023 11:34 AM GMT
Wayomi

Wayomi

Report

13 හැවිරිදි පාසල් දැරියක් දූෂණයට ලක් කළ 19 හැවිරිදි පුද්ගලයකු ඊයේ (02) අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

එම දැරිය අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් වන අතරමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකි.

තම මව දැනුවත් කර නිවෙස ආසන්නයේ නැන්දාගේ නිවසට යන අතරවාරයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් යතුරු පැදියට නංවා ගෙන පාළු නිවසකට රැගෙන ගොස් දූෂණයට ලක් කළ බව දැරිය පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු හා පැමිණිලිකාර දැරියගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන්ද වෙනම විමර්ශන සිදු කරන අතර මෙම දැරිය මේ වනවිටත් අනුරාධපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW