මෙතෙක් ලොව පළමුවරට බිහිවූ 9 නිවුන් දරුවන්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය..

By Sithumi Dec 13, 2022 12:58 PM GMT
Report

විදෙස් මාධ්‍ය පවසන්නේ ,ලොව මෙතෙක් පළමුවරට බිහිවූ 9 නිවුන් දරු උපත් ඒ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවයි .

මාලි රාජ්‍යයේ හලිමා සිසේ නම් මවකට දාව එම දරුවන් පසුගිය වසරේ මැයි මාසයේදී උපත ලැබූ අතර ඔවුන් උපත ලැබුවේ මොරොක්කෝවේ දීය.

මාලි රාජ්‍යයේ වෛද්‍ය පහසුකම් අඩු බැවින් ඇය දරු ප්‍රසූතිය සඳහා මොරොක්කොවට ගිය අතර එහිදී සිදුකළ සිසේරියන් සැත්කමකින් එම දරුවන් බිහිකර තිබුණි.

එම නිවුන් දරුවන් - ගැහැණු දරුවන් 5, පිරිමි දරුවන් 4දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් නැවතත් සිය උපන් රටට යැවීමට තීරණය කළ බව වෛද්‍යවරු පවසති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now