ඩොලර් මිලියන 80ක හොර ගනුදෙනුවක් මට්ටුයි - FCIDයෙන් සැකකරු අත්අඩංගුවට

Report

අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් නීතිවිරෝධී ලෙස TT (Telegraphic Transfer) ක්‍රමය ඔස්සේ විදේශීය බැංකු ගිණුම් වෙත මාරු කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් මරදාන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. විමර්ශනවලට අනුව, 2023 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 80කට ආසන්න මුදලක් මෙලෙස විදේශීය ගිණුම් වෙත හුවමාරු කර ඇති බවට සැක පළ වී තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23කට සමාන වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් FCIDය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලංකාවම බලා සිටි IMF නියෝජිතයින් අද දිවයිනට - ඇවිත් කරන්න යන්නේ මේකයි

ලංකාවම බලා සිටි IMF නියෝජිතයින් අද දිවයිනට - ඇවිත් කරන්න යන්නේ මේකයි

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්