ලංකාවම බලා සිටි IMF නියෝජිතයින් අද දිවයිනට - ඇවිත් කරන්න යන්නේ මේකයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) දින දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අනුව මෙම කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හත්වන සමාලෝචනය සඳහා බව සඳහන්.
එමෙන්ම දිවයිනට පැමිණෙන මෙම නියෝජිත පිරිස එළඹෙන 23 දක්වා මෙරට රැඳීසිටීමට නියමිත බව වාර්තා වේ.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
මෙම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ මෙහෙයවනු ලබන බව සඳහන්.
ඒ අනුව දිවයිනේ රැඳීසිටින කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, මුල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.