දිවයින පුරා ඩෙංගු මරණ 74 දක්වා ඉහළට - රෝගීන් සංඛ්‍යාව 96,000 පනී

Report

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එමෙන්ම මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,847ක් වන අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්

දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.27%කි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,412ක්, මහනුවරින් 7,164ක්, කළුතරින් 6,212ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,178ක් ලෙස වාර්තා වී ඇති බව ද ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

ඩොලර් මිලියන 80ක හොර ගනුදෙනුවක් මට්ටුයි - FCIDයෙන් සැකකරු අත්අඩංගුවට

ඩොලර් මිලියන 80ක හොර ගනුදෙනුවක් මට්ටුයි - FCIDයෙන් සැකකරු අත්අඩංගුවට