මාස 9ට වෙඩි තැබීම් 75ක්..42ක් මියයයි.
Police spokesman
Sri Lanka
Death
Gun Shooting
By Hashini
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසන්නේ දිවයින පුරා මෙම වසරේ ගතවූ කාලයේදී සිදුවූ වෙඩි තැබීම් හැත්තෑපහකින් පුද්ගලයින් හතළිස් දෙදෙනකු මියගොස් ඇති බවයි.
පුද්ගලයන් තිස්තුන්දෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
එසේම වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් වාහන ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, මෑත කාලීනව සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණ සිදුකෙරන බවත්ය.
