ළදරුවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකුට මරු කැඳ වූ මාරාන්තික ගුවන් අනතුර - අවසානයේ සියල්ල හෙළි වෙයි.. (PHOTOS)
By krishani
2023 වසරේ ජනවාරි 15 වනදා ළදරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකුට මරු කැඳවමින් නේපාලයේ ගුවන් යානයක් අනතුරට ලක් විය.
එයට හේතුව ලෙස අණාවරණය වී ඇත්තේ එහි නියමුවන් වැරදීමකින් විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් නේපාල රජය විසින් පත් කරන ලද විමර්ශකයින්ගේ වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කර තිබෙනවා.
මෙලෙස අනතුරට පත් වූ Yeti Airlines ගුවන් යානය ජනවාරි 15 වන දින කත්මණ්ඩු අගනුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත ගමන් කරමින් සිට ඇති අතර එහිදී මෙය සිදුව ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ගුවන් අනතුර වසර 30කට පසු නේපාලයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුර වේ.