කොවිඩ් රෝගීන් 7,000ක් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් නිවෙස්වල
2021 අගෝස්තු 1 වන දා සිට අගෝස්තු 9 වන දා දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයින් 12,555ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (10) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දී හෙළිවුයේ ඉන් 7,003 දෙනෙකු තවමත් නිවෙස්වල සිටින බවය.
හඳුනාගත් රෝගීන් 12,555න් පුද්ගලයින් 4,046 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, 1,506 දෙනෙකු ට නිවෙස් තුළ ම රඳවා ප්‍රතිකාර කරන බව එහිදී අනාවරණය විය.
එසේම 2020 ඔක්තෝබර් සිට 2021 අගෝස්තු 8 වන දා දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මරණ 1,033ක් වාර්තා වී ඇති අතර ඉන් 55%ක් පිරිමි පුද්ගලයින් ය.
වාර්තා වු මරණ අතුරින් 135ක් වාර්තා වී ඇත්තේ, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 193 ක්, මහර - 152 ක්, අත්තනගල්ල - 140 ක්, ජාඇල - 127 ක්, රාගම - 100 ක්, වත්තල - 67 ක්, දිවුලපිටිය - 58 ක්, කැලණිය - 50 ක්, සීදූව - 37 ක්, දොම්පෙ - 24 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, මීගමුව - 10 ක් සහ මීරිගම - 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම 62 කු වශයෙන් සිදුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් ආසාදිතයින් - 33 දෙනෙකු සහ බියගමින් ආසාදිතයින් 29 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
එම කාලය තුල ආසාදිතයින් 423 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත රෝගීන් 61 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ආසාදිතයින් 280 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 280 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 21,840 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
භාර නොගත් මෘතදේහය පිළිබඳ තීරණය අද-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |