මීට පස්සේ බස්වල කොළඹ එන අයට ලොකු වාසියක් - නව බස් මාර්ග ජාලයක්
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන ලෙස වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් Lanka Metro Transit ආයතනය මඟින් නව බස් මාර්ග 7ක් හඳුන්වා දී ඇති බව සඳහන්.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රවාහන පද්ධතිය සක්‍රීය කරමින් හඳුන්වා දුන් මෙම නව බස් මාර්ග ජාලය පහතින්,
මාකුඹුර ➜ පිටකොටුව (කි.මී. 23.3)
මිලේනියම් සිටි ➜ කොළඹ කොටුව (කි.මී. 22.3)
කඩවත ➜ මාකුඹුර (කි.මී. 34.8)
දෙමටගොඩ ➜ පානදුර (කි.මී. 28.7)
බත්තරමුල්ල ➜ ඒකල (කි.මී. 29.9)
කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (කි.මී. 14)
කැස්බෑව ➜ පිටකොටුව (කි.මී. 35.7)
අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්
ඒ අනුව මෙම නව බස් රථ සේවාවන් හරහා දිනපතා කොළඹ නගරයට පැමිණෙන සහ තදාසන්න ප්‍රදේශ අතර ගමන් ගන්නා මගී ජනතාවට කාලය ඉතිරි කරගනිමින් වඩාත් විශ්වාසනීය සහ සැපපහසු ගමනාගමන අත්දැකීමක් ලබාදීමට Lanka Metro Transit ආයතනය අපේක්ෂා කරන බව සඳහන්.