මේ වනතුරු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී හෙළිදරව්වක්

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිස්ව පවතින බන්ධනාගාර කොමසාරිස් ධුරය සඳහා අයෙකු පත් නොකිරීමට හේතු වී ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පැවතීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් ස්ථීර කොමසාරිස්වරයෙකු පත් කළ නොහැකි වුවත්, රාජකාරි වැඩ ආවරණය කිරීම සඳහා නිලධාරියෙකු පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

පැවැත්වෙන පරීක්ෂණවලින් හිටපු කොමසාරිස්වරයා වරදකරු වුවහොත් නව කොමසාරිස්වරයෙකු පත් කිරීමට පියවර ගන්නා බවත්, යම් හෙයකින් ඔහු නිවැරදිකරු වුවහොත් නැවත ඔහුවම සේවයේ පිහිටුවීමට සිදුවන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

"හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනවා. පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනකොට ඕනෑම නිලධාරියෙකුට ඔහු පරීක්ෂණයෙන් වරදකරු කරලා ඔහු සේවයෙන් අහිමි කරන තෙක් සිදුවන්නේ වැඩබල කෙනෙක් පත් කිරීම පමණයි. පරීක්ෂණ අවසන් වුණොත් අපිට පුළුවන් වේවී ඔහු නැවත සේවයේ පිහිටුවන්න. වරදකරු වුණොත් අලුත් කෙනෙක් ස්ථීරව පත් කරන්න පුළුවන් කම තියෙනවා."  

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්