සියලුම ප්‍රවාහන සේවාවන්ට හදිසියේ නව පරීක්ෂණ ක්‍රමවේදයක් - අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයකුත්

Report

මගී ප්‍රවාහන රථවල පවතින ව්‍යුහාත්මක සහ යාන්ත්‍රික දෝෂ හේතුවෙන් සිදුවන බරපතළ මාර්ග අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට සකස් කරන ලද 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, මෝටර් වාහන පනත යටතේ අදාළ විධිවිධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය 2026 මැයි 19 වන දින අංක 2489/22 යටතේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

කෙසේ වෙතත් මෝටර් රථ පරීක්ෂකවරුන් විසින් මෑතකදී සිදුකරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ධාවනයේ යෙදෙන වාහනවල පවතින යාන්ත්‍රික සහ ව්‍යුහාත්මක දෝෂ රැසක් මෑතකදී සිදුවූ බොහෝ අනතුරුවලට ඍජුවම හේතු වී තිබෙන බවයි.

එයට පිළියම් යොදමින් මගී ප්‍රවාහන සේවා, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා මෙන්ම විශේෂ විනෝද සවාරි වෙනුවෙන් භාවිත කරන කුලී රථවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමට විධිමත් සහ නිල පටිපාටියක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාව බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

විශ්‍රාම වැටුපක් නැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයටත් සුබ පණිවුඩයක් - සේවක අර්ථසාධක අරමුදල් පනතේ සංශෝධනයක්

විශ්‍රාම වැටුපක් නැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයටත් සුබ පණිවුඩයක් - සේවක අර්ථසාධක අරමුදල් පනතේ සංශෝධනයක්

ඒ අනුව මෙලෙස අලුතින් හඳුන්වා දෙනු ලබන පරීක්ෂණ ක්‍රමවේදයට ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මගී ප්‍රවාහන අධිකාරි සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනවල නියාමනය යටතේ ක්‍රියාත්මක වන සියලුම ප්‍රවාහන සේවාවන් යටත් වන බව සඳහන්.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...