22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

Report

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ගොඩගැසී ඇති නඩු කටයුතු කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට 2026.07.27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එම අනුමැතිය අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම පනත් කෙටුම්පත් මගින් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ පවතින නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න