බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස නිවාස අඩස්සිය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය

Report

අද (2026.08.04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බන්ධනාගාර තුළ පවතින තත්ත්වය සහ නිවාස අඩස්සිය හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට අදාළ නීතිමය විධිවිධාන හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් ප්‍රතිපත්තිමය අනුමැතිය මත අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

මේ වනතුරු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී හෙළිදරව්වක්

මේ වනතුරු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී හෙළිදරව්වක්

නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2025.06.23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එම සමාලෝචන ක්‍රියාවලියේදී පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු නීතිමය විධිවිධාන හඳුනාගෙන ඇති අතර, එම සංශෝධන ඇතුළත් කරමින් පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම නව නීති හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සහ සුදුසු අවස්ථාවලදී සිරගත කිරීම වෙනුවට විකල්ප රඳවා තැබීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමයි.

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න