විශ්‍රාම වැටුපක් නැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයටත් සුබ පණිවුඩයක් - සේවක අර්ථසාධක අරමුදල් පනතේ සංශෝධනයක්

Report

විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය සඳහා හඳුන්වා දී ඇති 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු වශයෙන් කටයුතු කර‍යි.

කෙසේ වෙතත් කාලීනව පනතේ ඇතැම් ප්‍රතිපාදන සංශෝධනය කර තිබුණත්, වර්තමාන සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම්වලට අනුරූපව අරමුදලේ සාමාජිකයින් මුහුණ දෙන ගැටලු අවම කරමින් වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැලසීම වෙනුවෙන් මෙම පනත තවදුරටත් සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන ඇත.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...