ලංකාවම උණුසුම් කරමින් ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් - මීගමුව සහ මහර වගේම බන්ධනාගාරවල වෙන්න යන තවත් විනාසයක් ගැන බුද්ධි තොරතුරක්

Report

දකුණු පළාතේ පිහිටා ඇති බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වූ බව සඳහන්.

එහිදී මීගමුව සහ මහර බන්ධනාගාරවල ඉකුත් දා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හා සමාන තත්ත්වයක් දකුණු පළාත් බන්ධනාගාරවලද ඇති කිරීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

එබැවින් බූස්ස, ගාල්ල, මාතර, අඟුණකොළපැලැස්ස සහ වීරවිල යන බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එසේම අවශ්‍ය වුවහොත් හදිසි අවස්ථාවක වහා ක්‍රියාත්මක වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට යාන්ත්‍රණයක් සැකසීමට ද තීරණය කර තිබෙනවා.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...