කොළඹ නගරයට එන ඔයාට සුබ ආරංචියක් - සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි

Report

කොළඹ නගරයට පැමිණෙන පුද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් මගී ජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින්, ලබන සැප්තැම්බර් මාසයේ සිට තෝරාගත් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි 'Metro' බස් රථ සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මගීන්ට පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි 'CM' කේතය සහ සුවිශේෂී වර්ණ සංකේත භාවිත කරමින් මෙම නව මාර්ග හඳුන්වා දී ඇත.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

ඒ අනුව,

මාකුඹුර සිට පන්නිපිටිය, රාජගිරිය සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා වන CM 01 මාර්ගය නිල් පැහැයෙන් ද,

මිල්ලෙනියම් සිටි සිට අතුරුගිරිය, මාලඹේ සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා වන CM 02 මාර්ගය කහ පැහැයෙන් ද,

කඩවත සිට මාකුඹුර දක්වා වන CM 03 මාර්ගය ඉන්ඩියෝ පැහැයෙන් ද හඳුන්වා දී තිබේ.

මීට අමතරව දෙමටගොඩ සිට පානදුර දක්වා වන CM 04 මාර්ගය තැඹිලි පැහැයෙන් ද, බත්තරමුල්ල සිට ඒකල දක්වා වන CM 05 මාර්ගය දම් පැහැයෙන් ද, කොල්ලුපිටිය වටරවුම් මාර්ගය වන CM 06 ලා කොළ පැහැයෙන් ද,

කැස්බෑව සිට පිටකොටුව දක්වා වන CM 08 මාර්ගය තද කොළ පැහැයෙන් ද සංකේතවත් කර ඇත.

නව ඩිජිටල් පද්ධතියක් හරහා බස් රථ සහ රියදුරන් එකිනෙක සම්බන්ධ කරමින්, නියමිත වේලාවටම මගී සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මෙහිදී සැලසුම් කර තිබේ.

මේ වනතුරු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී හෙළිදරව්වක්

මේ වනතුරු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් රජයෙන් සුවිශේෂී හෙළිදරව්වක්