ගැටුම් හේතුවෙන් ළමුන් ලක්ෂ 7ක් අවතැන්...

Israel Death Palestine World Israel-Hamas War
By Hashini Nov 14, 2023 05:40 AM GMT
Hashini

Hashini

Report

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල - හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන් වී ඇති බවයි.

ගැටුම් හේතුවෙන් ළමුන් ලක්ෂ 7ක් අවතැන්... | 7 Lakh Children Displaced Due To Conflicts 

මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බව එම සංවිධානය පවසනවා.

ගාසා තීරයේ ගැටුම් ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වුණා.

සිදු වූ මරණ

මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240කි.

ඒ අතුරින් 4,630ක් දරුවන්ය.

ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් පමණ වන බවයි.

එසේම ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට සම්පුර්ණයෙන් බිඳ වැටී තිබෙනවා.

ගැටුම් හේතුවෙන් ළමුන් ලක්ෂ 7ක් අවතැන්... | 7 Lakh Children Displaced Due To Conflicts 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

මේ අතර ඊයේ (13) තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (13) රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලිය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊජිප්තුව වෙත ලඟා වූ බවයි. 

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි

 

ReeCha