ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට ඉරානය සැරසෙයි
By Sewvandhi
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර ඇත්තේ, ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් පිළිබඳව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බවයි.
ගාසා තීරයේ ඇතිවී තිබෙන යුද ගැටුම් සම්බන්ධයෙන් වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි, ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
ඉරාන ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි නායකයිගේ සමුළුව සඳහා සහභාගීවීමට ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී බව වාර්තා වෙයි.