පෙම්වතිය බලන්න ආ සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට..

Sri Lanka Police Matale Sri Lanka Crime Murder
By Piyumika Oct 03, 2024 03:01 PM GMT
Piyumika

Piyumika

Report

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වූහ.ඔවුන් එම සිසුවා ජීවත්ව සිටි මඩවල නාලන්දාවත්ත ප්‍රදේශයේ සිට ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෛයිමගල් දෙමල විදුහල ඉදිරිපිටදී මෙම විරෝධතාවයේ නිරත විය.

ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස..

ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස..

මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් එම්. යුගේස් නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගියේ ලෝක ළමා දිනය යෙදුණ පසුගිය 01 වනදාය. සිය මිතුරාගේ පෙම්වතිය යැයි පැවසෙන 16 හැවිරිදි සිසුවිය හමුවීම සඳහා ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග යතුරු පැදියකින් එම ප්‍රදේශයට ගොස් තිබුණි.

ඒ ඇයව හමුවන ලෙසට සිය පෙම්වතාට කර තිබූ දැනුම්දීම අනුවය. එදින පස්වරුවේ එම නිවස වෙත ගිය ඔවුන් නිවස අසල සිය යතුරුපැදිය නැවතීමත් සමග පෙම්වතියගේ සහෝදරියක් විසින් යතුරුපැදියේ යතුර රැගෙන තිබේ.

හදිසියේම රජයේ අමාත්‍යංශ 6ක් වහලා..ක්‍රියාත්මක වන පරිදි රජයේ තනතුරු රැසක් අහෝසි කරයි ..

හදිසියේම රජයේ අමාත්‍යංශ 6ක් වහලා..ක්‍රියාත්මක වන පරිදි රජයේ තනතුරු රැසක් අහෝසි කරයි ..

මහවෙල පොලීසිය පැවසුවේ, එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් ඇතිවූ තත්ත්වයත් සමග දෙමස් ගැබිනියක් වූ සහෝදරිය බිම ඇද වැටීමෙන් කලබල වූ ඇයගේ සැමියා සිසුන් තිදෙනාට පහරදී ඇති බවය.

එම අවස්ථාවේදී නිවස තුළ සිටි සිසුවියගේ පියා, තවත් සහෝදරියක් සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ගැටුමට මැදිහත් වී තිබේ.

ඔවුන් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමත් සමග යුගේස් නමැති සිසුවා බිම ඇද වැටී ඉන් බරපතළ තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

පාසල් වියේදීම පවුලේ බර කරටගත් ඔහු අද යන්නම ගිහින්..

මියගිය සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) සිදුකිරීමට නියමිතය. අනෙක් මිතුරන් දෙදෙනා රෝහල්ගතව ඇති අතර පහරදීමට අදාළව 16 හැවිරිදි සිසුවිය, ඇයගේ පියා, සහෝදරියන් දෙදෙනා, සහෝදරියකගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.