පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සඳහා මිලියන 62ක වන්දි මුදලක්...

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසනවා.

ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140ක වෛද්‍ය උපකරණ... (PHOTO)

ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140ක වෛද්‍ය උපකරණ... (PHOTO)

ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (27) දිනයේ දී ඔහු පැවසුවේ ය.

එමෙන් ම, මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටියේ, ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා ය.

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේ, දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල විභාග වෙමින් තිබේ.

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

එමෙන්ම මෙම නඩුවට අදාළව රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනුකර ඇති බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...

හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...

ඒ අනුව මීට පෙර අධිකරණය නියෝග කළ පරිදි වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වූ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සත්පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේ ය.