ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140ක වෛද්‍ය උපකරණ... (PHOTO)
By Parami Dissanayake
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්‍ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය ශල්‍ය හා රසායනාගාර උපකරණ බාර දීම සිදුකෙරුණි.
ඒ විශේෂඥ වෛද්‍ය භාවිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී ය.
මෙහිදී අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කන්නාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂයාබාධවලින් පෙනෙන රෝගීන් විසිපස් දෙනෙකු සඳහා ඇස් කන්නාඩි ලබාදීම සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ ආර්.එම්. තව්ෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන් පිරිසක් එක්ව සිටියහ.


