ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි. - ඒ නිසා ඉන්දියාවත් එක්ක එකතුවෙලා කරන දේ ගැන ජනපති අනුර කියයි. - (VIDEO)
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ,කළුතර ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින්.
ඒ, අනුව කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය තෙල් සංස්ථාවේද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කරනවා.
එමෙන්ම ත්‍රිකුණාමලයේ එසේ වැඩි වන තෙල් ටැංකි 61 ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් ස්පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බවද ඔහු එහිදී කියා සිටියා.
අනතුරුව එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකුවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.