මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකාව 2025 වසරේදී දැඩි වර්ධනයක් ලඟා වී ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්‍ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස ප්‍රකාශ කළේ, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මාළිගාතැන්න මංසන්දියෙන් 11 කණුව මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් බවයි.

ඔහු  එහිදී සඳහන් කළේ,

“බංකොලොත් රටක් වුවද, මේ වනවිට ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. රට ස්ථාවර කරමින්, ලෝක ආර්ථිකයේ අභියෝගවලට මුහුණ දී, ඉලක්කගත වැඩපිළිවෙලක් තුළින් රට ඉදිරියට ගෙන යනවා. ආර්ථික වර්ධන වේගය අනුව සියලු ක්ෂේත්‍රවලින් දියුණුව සිදු වෙමින් පවතී,”

යනුවෙනි.