යුද රස්නේ මැද IMF නියෝජිතයින් පිරිසක් මේ මස අග ශ්‍රී ලංකාවට - හේතුව මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අග දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකමේ 6 වැනි ණය වාරිකයට පෙර කෙරෙන සමාලෝචන සාකච්ඡා සඳහා ඔවුන් මෙසේ පැමිණෙන බවයි.
එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05කි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය සඳහා IMF කොන්දේසි අනුව රජය මඟින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදි පුළුල් වශයෙන් සමාලෝචනය කරන බව සඳහන්.
පසුව හයවැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවලට එළඹිමට නියමිත බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.