කොච්චර නිදා ගත්තත් අයෙත් නිදිමතද? එහෙනම් භයානකයි
Fatty Liver එහෙම නැත්තම් අක්මාවේ මේදය තැන්පත් වීම නිසා දුක් විඳින අය ගොඩක් අද වෙන කොට මේ සමාජයේ ඉන්නවා. මේ බව හොයා ගන්න හොඳ ක්‍රමයක් තමා නින්ද කියන්නේ.
රෑට හරියට පැය 8ක් නිදාගත්තත්, පහුවදා උදේට ඇඳෙන් නැගිටින්න බැරි තරමට ඇඟට පණ නැත්තම්, දවස පුරාම අමුතුම කම්මැලිකමක්, මහන්සියක් සහ නිදිමතක් දැනෙනවා නම් ඒක සමහර විට අපේ අක්මාවෙන් (Liver) අපිට දෙන භයානක අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්.
ඉතින් මත්පැන් පානය නොකළත් පිටි සහ පැණි රස කෑම නිසා අක්මාව වටේ සිද්ධ වෙන මේ තෙල් බැඳීම (Non-Alcoholic Fatty Liver) දියකරලා ඇඟට ආයෙත් යකඩයක් වගේ ශක්තියක් දෙන දිව්‍ය පානයක් ගැන තමයි අද මේ ලිපියෙන් කියන්න යන්නේ.

සාමාන්‍යයෙන් අක්මාව කියන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රධානම 'පෙරහනය' (Filter). ඉතින් අක්මාව වටේ තෙල් බැඳුණාම, ඇඟේ එකතුවෙන විෂ (Toxins) හරියට අයින් වෙන්නේ නැහැ.
මේ විෂ ටික ලේවලට එකතු වුණාම මොළයට සහ මාංශ පේශිවලට දැනෙන මහන්සිය අර කළින් කිව්වා වගේ උදේට පණ නැති ගතිය විදියට ඔබට දැනෙන්න පුළුවන්.
මේකට යොදා ගන්න පුළුවන් සුපිරි ඔසුවක් තමා කහ වල බලය. කහවල තියෙන 'කර්කියුමින්' කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයෙන් අක්මාවේ ඉදිමුම (Inflammation) අඩු කරලා, තෙල් දිය කරන එක වේගවත් කරනවා.
හැබැයි කහ විතරක් බිව්වොත් අපේ ඇඟට උරාගන්නේ 1%ක් වගේ පොඩි ප්‍රමාණයක්. හැබැයි කහවලට ගම්මිරිස් (Black Pepper) ස්වල්පයක් එකතු කළාම, කහවල ගුණය ඇඟට උරාගන්න එක 2000%කින් වැඩි කරන බව වාර්තා වෙනවා.
ඉතින් දැන් අපි බලමු කොහොමද මේ අක්මාව සුද්ද කරන කහ-ගම්මිරිස් පානය හදාගන්නේ කියලා.

මේ සඳහා අවශ්‍ය වන දේවල්.
පිරිසිදු කහ කුඩු තේ හැඳි භාගයක්
ගම්මිරිස් කුඩු පින්ච් එකක් (ස්වල්පයක්).
මඳ රස්නය ඇති (Warm) වතුර වීදුරුවක්.
නැවුම් දෙහි බෑයක යුෂ.
සාදාගන්නා සහ භාවිතා කරන්නේ මෙන්න මෙහෙමයි.
පියවර 1 - මඳ රස්නය තියෙන වතුර වීදුරුවකට කහ කුඩු තේ හැඳි භාගය සහ ගම්මිරිස් කුඩු චුට්ට එකතු කරලා හොඳින් කලවම් කරන්න. (සීනි දාන්න එපා!).
පියවර 2 - මේ පානයට දෙහි බෑයේ යුෂ ටික සම්පූර්ණයෙන්ම මිරිකන්න. දෙහි වල තියෙන විටමින් C මගින් අක්මාවේ විෂ හරණය (Detoxification) තවත් වේගවත් කරනවා.
පියවර 3 - උදේ අවදි වුණු ගමන් හිස්බඩ මේ රන්වන් පානය තේ එකක් වගේ නිවිහැනහිල්ලේ බොන්න. ඉන්පසු පැය භාගයක් යනතුරු කිසිවක් කන්න බොන්න එපා.
සති 2ක් එකදිගට මේ පානය බීලා බැලුවම උදේට ඇඳෙන් නැගිටිද්දී තිබුණු කම්මැලිකම සම්පූර්ණයෙන්ම නැතිවෙලා, දවසම ක්‍රියාශීලී විදිහට ගත කරන්න පුළුවන් කියලා තමා සඳහන් වන්නේ.
හැබැයි ඔබ අවදානය යොමු කළ යුතු තවත් කාරණයක් තමයි මෙය අක්මාව පිරිසිදු කරන ස්වභාවික පානයක් වුවත් ඔබට දැනටමත් අක්මාවේ බරපතළ රෝග, සෙංගමාලය (Jaundice) හෝ අධික ගැස්ට්‍රයිටිස් ඇත්නම්, වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පමණක් ක්‍රියා කළ යුතු බව.