භයානක සිදුවීමක් - යුක්‍රේන අගනුවර වෙඩි වරුසාවක්
By Ashfa
යුක්‍රේනයේ කියෙව් අගනුවර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මාර්ගයේ සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව වෙඩික්කරු අසල පිහිටි සුපිරි වෙළදසැළක් තුළට ගොස් එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට තබා ගෙන ඇති බව සඳහන් වෙයි.
ඉන් අනතුරුව පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන්, වෙඩි තැබීම සිදුකළ සැකකරු ද මියගොස් ඇති බව සඳහන් වෙයි. මේ අතර වෙඩි වැදීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.