(මාසෙකට ලක්ෂ 4ක් විතර වියදමක් යනවා, දවසකට කිරි පැකට් 2ක් වත් ඕන (PHOTOS)
දරුවන් හය දෙනෙකුගේ මවක් වෙන්නට වාසනාව ලැබුණු පින්බර මව් පිය යුවල ඔබට අමතක වෙන්න විදියක් නැහැ. දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංගගේ දරුවන් හය දෙනාට දැන් මාස හතක් වෙනවා. එම මතක නැවත අවදි කරමින් දරුවන්ගේ පියා පුවත්පත් සාකච්චාවකට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්. අපේ හිත්වල තිබුනේ දනාත්මක සිතුවිලි විතරයි, මම දරුවන් හයදෙනාම වෙනුවෙන් පේ වුනා.
ටීවී බලන එක අඩුවෙන්ම කළා, වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කළා ආහාර රටාවට අනුව පෝෂදායි කෑම නිතරම ආහාරයට දුන්නා. සති විසි එකක් සම්පුර්ණ වෙද්දී දරුවන් ප්‍ර, සු, තියට සුදානම් වෙන්නට සිදුවූ නිසා සියලු දේවල් ගැන රෝහල් කාර්යමණ්ඩලය දැනුවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගත්තා. මුලින්ම පෙරහුරුවකින් අනතුරුව තමයි අම්මාව දරු ප්‍ර, සූ, තිය සඳහා ගෙන ගියේ. දරුවන් හය දෙනෙක් සිටීමත් වෛයවරුන්ට අභියෝගයක් වුනා. නමුත් විනාඩි දෙකක පමණ කාලයකින් දරුවන් හය දෙනාම මෙ, ලොව එලිය දකින්න වාසනාවන්ත වුනා.
ඉන් පසුව මාසයකුත් දින කිහිපයකින් පසු දිලිනිටත් දරුවන්ටත් ගෙදර යන්න අවස්තාව ලැබුනා. දරුවන් හය දෙනාගේම පෙනුම එකම වගේ කියලයි අපිටනම් පෙනෙන්නේ. හැබැයි දිලිනිට සහ වසනාට දරුවන් හය දෙනාම වෙනම හඳුනාගන්න බැලු ගමන්ම පුලුවන්. ගොඩක් අය කියනවා බබාලා හය දෙනාම එකවගේ අන්දුරගන්නේ කොහොමද කියලා. අපි දෙන්නට බලපු ගමන්ම වෙනම හඳුනාගන්න පුලුවන්. සමහරවිට එක සස, ර පුරුද්දකින් එන දෙයක් වෙන්නත් ඇති.
ඒ විතරක් නෙවෙයි සද්ද කරන විදිය අහුනත් කවුද කියලා හොයාගන්න අම්මටයි තාත්තයි පුලුවන්ලු. උදයංග මහතා ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන අතර වාසනා මහත්මියත් තාක්ෂණ ඉංජිනේරු වරියක ලෙස සේවය කරලා ඇය රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නේ දරුවන්ට ඇති සෙනෙහස නිසයි. දැන් කිරි පිටි මිලත් එක්ක මාසෙකට කිරි වලට විතරක් ලක්ෂයක් විතර වියදමක් යනවා කියලා දරුවන්ගේ තාත්තා කිව්වා. ඊට අමතරව අනෙක් වියදම් එක්ක මාසිකව ලක්ෂ හතරක් විතර යනවා. මොනතරම් ජිවන වියදම ඉහල ගියත් දරුවන්ටයි අම්මටයි අඩුවක් කරන්න බැහැ.
ඒ අයගේ පෝෂණය පොඩ්ඩක්වත් අඩු වෙන්න දෙන්න බැහැනේ. ඉතින් අපේ රටේ මැති ඇමති වරුන්ට ලැබෙන වරප්‍රසාද එක්ක බැලුවම මේ දරුවන්ගේ අම්මටයි තාත්තටයි සහනයක් විදියටවත් රාජ්ජය අනුග්‍රහයක් ලැබුන බවක් දැනගන්න නැහැ. රටේ තියන තත්වයක් එක්ක ඔවුන්ගේ වැඩ කටයුතු වලට උදව් කරන්න පුලුවන්නම් වටිනවා කියලයි අපි හිතන්නේ.
