රුපියල් 5000 සහ 10000 සේ දීමනාවට ලැබෙන අය මෙන්න.

Covid Dilum amunugama 5000 allowance Samurdi laabin AG office
By Aruna May 31, 2021 03:57 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම සතිය තුළ එම දීමනාව ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත්කර ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “රුපියල් 10,000 බඩු මල්ල ලබාදීම සිද්ධවෙන්නේ, නිරෝධායනය කරන ලද පවුල්වලට. ඒ අය අඩු ආදායම් වුනත් නොවුනත්. ඒ බඩු මල්ල රජය විසින් ලබාදෙනවා.

එයට හේතුව තමයි නිරෝධායනය කරාට පස්සේ රු 5000 ගන්න යන්නත් බෑ. රු 5000න් බඩු ගන්න යන්නත් බෑ. ජංගම රථවලින් බඩු ගන්නත් තහනම්.

ගෙදරින් එළියට එන්න බෑ හරි විදියට නිරෝධායනය වෙනවා නම්.

ඒ නිසා තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ ඇති බඩුමල්ලක් ගෙදරට ගිහින් දෙන්නේ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now