ඉතාලිය අසල සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 26ක් මරුට
දකුණු ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා අසලදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසයි.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එම බලකාය සඳහන් කළේය.
සංක්‍රමණිකයන් ලිබියාවේ සිට බෝට්ටු දෙකකින් ගමන් කරමින් සිටි අතර, එක් බෝට්ටුවකට ජලය කාන්දු වීමට පටන් ගැනීමෙන් පසු සියලුම පුද්ගලයන් අනෙක් බෝට්ටුවට මාරු කර ඇත.
කෙසේ වෙතත්, රළු මුහුදු තත්ත්වය හේතුවෙන් එම බෝට්ටුව පෙරළී ගිය බව වාර්තාවල සඳහන් වේ.
බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉතාලි වෙරළාරක්ෂක බලකාය නැව් 5ක්, ගුවන් යානා 2ක් සහ හෙලිකොප්ටරයක් යොදවා ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) ප්‍රකාශ කළේ එම බෝට්ටුවේ පුද්ගලයන් 92ත් 97ත් අතර පිරිසක් සිටි බවත්, ඉන් 60 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවත්ය.
මේ වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් පුද්ගලයන් 675 දෙනෙකු මිය ගොස් ඇති බව UNHCR ප්‍රකාශක ෆිලිපෝ උන්ගාරෝ පැවසීය.