5000 දීමනාව යළිත් විශාල පිරිසකට.. ලැබෙන්නෙ මේ අයටයි.. (PHOTOS)

Sri Lanka
By Aruna May 03, 2022 05:38 AM GMT
Aruna

Aruna

Report

රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණය කර තිබේ.

මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

මුදල් අමාත්‍යවරයා හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම අමතර දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ එම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇත.

ප්‍රධාන වශයෙන් පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත අතර, ඒ සඳහා එක් මාසයකට ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 4,455ක් වන අතර ඒ අනුව මාස රුපියල් මිලියන 13,364ක මුදලක් වැය කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, දැනට රු 2,000ක් ලබන වැඩිහිටි දීමනාවට අමතරව රු3,000ක් එකතු කර රු 5,000ක දීමනාවක්

දැනට අවුරුදු 100ට වැඩි වැඩිහිටි දීමනාව ලෙස රු 5,000ක ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතරව රු 2,500ක මුදලක් වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛන ගත කර සිටින අයට රු 5,000ක දීමනාවක්

දැනට ආබාධිත දීමනාව ලෙස රු 5,000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතරව රු 2,500ක මුදලක් ආබාධිත දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට රු 5,000ක දීමනාවක්

දැනට වකුගඩු රෝගීට ලබාදෙන රු 5,000ක දීමනාවට අමතරව රු 2,500ක මුදලක් වකුගඩු රෝගී දීමනාවට ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින ජනතාවට රු 5,000ක්

දැනට සමෘද්ධි දීමනාව ලබන ප්‍රධාන කාණ්ඩ 3ක පුද්ගලයින්ට සහ පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට අමතර දීමනා හිමිවේ. ඒ අනුව දැනට රු 1,900ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ.

අනුව දැනට රු 3,200ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ.

දැනට රු 4,500ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,000ක මුදලක් හිමිවේ.

මේ අතර සමෘද්ධි දීමනාව සඳහා ඉල්ලුම් කර පවුල් ඒකකය 732,000ක පිරිසකට රු 5,000ක දීමනාවක් මාසිකව ඉදිරි මාස තුන සඳහා ලබාදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery