ඊශ්‍රායල් හමාස් ගැටුමෙන් ප්‍රාණඇපකරුවන් 50ක් මරුට.

Israel Palestine World Israel-Hamas War
By Hashini Oct 27, 2023 07:42 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසනවා.

ඒ බව වාර්තා කර ඇත්තේ හමාස් සංවිධානයේ "Al-Qassam" බ්‍රිගේඩය විසිනි.

හමාස් සංවිධානය මෙවැනි පුවත් ප්‍රචාරය කරනු ලබන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා බව අමෙරිකානු බලධාරීන් පවසනවා.

ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්‍රමණය අතරතුරදී ඊශ්‍රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කරනු ලැබුවා.

දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් ද පහර ගත් පිරිස් අතර වනවා.

එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි සඳහන් වනවා.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටි මවක්, දියණියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස් කිරීමට පසුගිය දිනවල කටයුතු කර තිබෙනවා.    

ReeCha