හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් වැලිසරට

Report

වීසා කාලය ඉකුත් වූ පසුවත් මෙරට රැඳී සිටිමින් ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයන් 50 දෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අද (04) සමත් විය.

බම්බලපිටියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ඉතා රහසිගතව සැඟවී සිටියදී මොවුන් කොටු කරගැනීමට හැකි වූයේ පාලක ජනරාල්වරයාට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආයේ සැර වෙයි - යුද්ධයට අර අදින ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආයේ සැර වෙයි - යුද්ධයට අර අදින ට්‍රම්ප්

අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම් ජාතිකයන් 48 දෙනෙකු සහ චීන ජාතිකයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු 20ත් 35ත් අතර පසුවන තරුණ පිරිස් වීම විශේෂත්වයකි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු සිටින බව වාර්තා වේ. මොවුන් මේ වන විට වැළිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර නීතිමය පියවර ගැනීමෙන් අනතුරුව කඩිනමින් පිටුවහල් කිරීමට නියමිතව ඇත.

පෙර පාසල් සදහා අති විශේෂ නිවේදනයක් - ජූලි පළමු වැනිදාට පෙර අනිවාර්යයි

පෙර පාසල් සදහා අති විශේෂ නිවේදනයක් - ජූලි පළමු වැනිදාට පෙර අනිවාර්යයි