එකතුකල අගය මත බද්ද සම්බන්ධයෙන් පළ වෙන මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි - රජයෙන් රටටම දැනුම් දෙයි[VIDEO]
එකතුකල අගය මත බද්ද සියයට 20ක් දක්වා වැඩිකර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ.
කෙසේ වෙතත් වැට් බද්ද සංශෝධනය වන ආකාරය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
"විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන දෙයක් තමයි අපි ජූලි මාසේ 01 වැනිදා ඉඳන් වැට් බද්ද 20.5%ක් කරන්න යනවයි කියන එක. අපි ජාතික ජනබලවේගය හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඉදිරිපත් කරනවා බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා. අන්න එතනට ගත්ත එක පියවරක් විදිහට එතකොට මෙතැනදි සංශෝධනයක් ගේනවා බැංකු සහ මූල්‍ය ආයතන වෙනුවෙන් අයකරනු ලබන වැට් බද්ද 2026 ජූලි 01 වැනිදා ඉඳන් 20.5%ක් කරනවායි කියලා. නමුත් එතැනදි මෙහෙමයි වෙන්නේ එතැනදි පැහැදිලිවම මීට පෙර බැංකු සහ මූල්‍ය ආයතනයක් වුණාම එකතු කළ අගය මත බද්ද 18%කට අයත් වෙනවා ඊට අමතරව ඒ බැංකු සහ මූල්‍ය ආයතන 2.5%ක සමාජ ආරක්ෂණ බද්දට යටත් වෙනවා. එතකොට ඒ දෙකම එකතු කළාම 20.5%ක එකතුවක් එනවා. මීට කළින් බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් වුණාම තමන් සපයන සේවා වෙනුවෙන් එකපැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ ඊට අමතරව සමාජ ආරක්ෂක බද්ද වෙනුවෙන් වෙනමම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. මෙතැනදි වෙන සංශෝධනය තමයි බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කරනවා. තවදුරටත් ජූලි 01 වැනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් සහ මූල්‍ය ආයතන තමන් ලබන මූල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු නෑ. අන්න ඒ 2.5%ක මුදල අර මූල්‍ය සේවා මත අයකරන වැට් බද්දට එකතු කරනවා... ඉතිං මෙන්න මේ කරපු සංශෝධනය වරදවා ඉදිරිපත් කරලා සමාජයේ ලොකු ප්‍රචාරයක් ගෙනියනවා මේ වැට් බද්ද 20.5%ක ප්‍රමාණයකට වැඩි කරනවා කියලා. විශේෂයෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලිනුත් දැඩි ඉල්ලීමක් ආවා මේ දෙක එක බද්දකට ගේන්න කියලා."
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත.